Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th January 2023 17:33:01 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙතින් තම බල ප්‍රදේශය තුළ තවත් උදාර මෙහෙවරක් සිදු කරනු ලබයි

පසුගිය දින කිහිපයතුල හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ ආරක්ෂක සේනා (බටහිර) සමගින් සීමාසහිත ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 යටතේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරිපිටි පැකට් 4536ක් පරිත්‍යාග කරන ලදී.

එම වැඩසටහනට සමගාමිව දෙවන අධියර වශයෙන් සීමාසහිත ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම විසින් ලබාදෙන අනුග්‍රහය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තවත් අඩු ආදායම්ලාභී පවුල් 80 ක් සඳහා කිරිපිටි පැකට් 160 ක් 2023 ජනවාරි 05 වැනි දින පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී බෙදා දෙනු ලැබිය. මෙම බෙදා හැරීමේ වැඩසටහනේ සම්බන්ධිකරණ කටයුතු ආරක්ෂක සේනා (බටහිර) සමග පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් සිදු කර ඇත.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 15 ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් බෙදාහැරීමේ කටයුතු සංවිධානය කරන ලදී.

මෙම කිරිපිටි බෙදාදිමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන්, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ සීමාසහිත ෆොන්ටෙරා සමාගමේ දකුණු ආසියානු කළමනාකාර අධ්‍යක්ෂ යව්වාන් විග්නේෂ්වරන් මහතා සහභාගී විය.

එමෙන්ම මෙම වැඩසටහන සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය රාජ්‍ය නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිපදෙනකුද සහභාගි වූහ.