Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th January 2023 17:11:27 Hours

ආරක්ෂක සේනා (බටහිර) සමිබන්ධිකරණයෙන් පිටිපන ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ලබාදෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් හෝමාගම පිටිපන ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 50 දෙනෙකු වෙනුවෙන් රුපියල් 2000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2023 දෙසැමිබර් 05 දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී එමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී උපදෙස් සහ 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ ආර් පි ජයසිංහ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි හා 15 වන කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.එස්.එම්. විජයලත් ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූහ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පති සහ එම විද්‍යාලීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.