Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd January 2023 14:18:59 Hours

61 පාබල සේනාංකයේ සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලය සඳහා වියළි සලාක මළු ලබාදෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ 61 වන පාබල සේනාංක මුල්සථානයේ රාජකාරි නියුතු සිවිල් මහතුන් වෙත වියළි සලාක මළු බෙදාදීමෙි වැඩසටහනක් 2022 ජනවාරි 02 වන දින බූස්ස 61 වන පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම වැඩසටහන 2023 වසර සමාරමිභක දිනයට සමගාමීව 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර මෙම වැඩසටහන මගින් රුපියල් 5000.00 ක වටිනා වියළි සලාක මළු 20 ක් සිවිල් සේවකයින් 20 දෙනෙකු වෙත ලබාදීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාව සඳහා 61 වන පාබල සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.