Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd January 2023 16:23:35 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් සුභසාධක කටයුත්තක් සදහා දායක වෙයි.

ආරක්‍ෂක සේනා (බටහිර) බලප්‍රදේශයට අයත් 14 පාබල සේනාංකය යටතේ පාලනය වන 143 පාබල බලසේනාවට අයත් බලප්‍රදේශයේ පසුගිය දිනයන්හි පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කූරුණෑගල දිසිත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කවිසිගමුව ග්‍රාම නිලධාරී වසමේ සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ළිං ජලය අපවිත්‍ර වීම හේතුවෙන් මහජනතාව පීඩාවට සිටි බැවින් ,එම ළිං පිරිසිදු කිරිම සදහා 1 ශ්‍රිලංජාආබමු එකකයට අයත් භඨපිරිස් සිය දායකත්වය ලබාදි ඇත.

මෙම ළිං පිරිසිදු කිරිමේ වැඩසටහන සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 2022 දෙසැම්බර් 27 සහ 29 යන දිනයන්හි එම ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ගේ සහාය ඇතිව ළිං පිරිසිදු කිරිම සදහා 14 වන පාබල සේනාංකයේ සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මග පෙන්විම මත 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් යුධ හමුදා භට භඨපිරිස් වහාම ක්‍රියාත්මක එම ළිං පිරිසිදු කිරීමට පියවර ගනු ලැබිය.