Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th December 2022 19:20:45 Hours

ජාතික සුරක්ෂිත දිනය සැමරිම සදහා භටපිරිස් සහභාගි වෙයි

2022 වසර ජාතික සුරක්ෂිත දිනයට සමගාමිව 2004 දෙසැම්බර් මස 26 වන දින සුනාමි ව්‍යසනයෙන් හා සියලු ආපදා වලින් මියගිය සහ අතුරුදහන් වුවන් වෙනුවෙන් පිං පැමිණවිමේ සර්වආගමික වැඩසටහනක් කොළඹ කාක දුපත ළමා උද්‍යන පරිශ්‍රයේදී කොළඹ දිස්ත්‍රික් ලේඛම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 26 වන දින වන දින පැවැත්විනි.

මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ ඒකකය මගින් සංවිධානය කර තිබු අතර‚ ඒ සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 142 පාබල බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් භටපිරිස් සහභාගී විය.