Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th December 2022 19:18:33 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් තවත් උදාර කර්තව්‍යයක් සදහා තම දායකත්වය ලබාදෙයි.

හෝමාගම මහා කටුවාන ශ්‍රි ශාසනාවර්ධන විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින චෛත්‍යයේ වැඩ නිම කිරිම සදහා 2022 නොවැම්බර් මස 13 වන දින සිට 2022 දෙසැම්බර් මස 25 වන දින දක්වා මෙම ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 142 පාබල බලසේනාව වෙත අයත් 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපරිස් විසින් තම දායකත්වය ලබාදෙන ලදි.

මේ සදහා ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 14 පාබල සේනාංකාධිපති තුමන්ගේ මග පෙන්විම මත 142 පාබල බලසේනාධිපති තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගිත්වයෙන් මෙම උතුම් කර්තව්‍යය සදහා දායකවි ඇත.