Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

21st December 2022 17:32:40 Hours

ආරක්ෂක සේනා (බටහිර) සෙබළුන් 'ශ්‍රමදාන' වැඩසටහනක් පවත්වයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ සේවයේ නියුතු, 613 පාබල බලසේනාවේ, 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ සෙබළුන් විසින් 2022 දෙසැම්බර් 20 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ග/අක්මීමන මහා විද්‍යාලය - ගනේගොඩ විදුහල් පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ 'ශ්‍රමදාන' වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා බටහිර ආඥාපතිතුමාගේ උපදෙස් මත, 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ සහ 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිළධාරී තුමාගේ දැඩි අධීක්ෂණය යටතේ සිදුකර ඇත.

මෙම වැඩසටහන සදහා පාස‍ලේ සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන්ද තම දායකත්වය ලබා දෙන ලදි.