Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

20th December 2022 19:46:51 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් තවත් සමාජ සත්කාරයක් සිදුකරනු ලබයි

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම මත 141 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්ජිබි කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ 2022 දෙසැම්බර් මස 19 වන දින 8 ශ්‍රිලපාහ ඒකක බලප්‍රෙද්ශයට අයත් දොම්පේ ගුරුවල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 38 දෙනකු සදහා පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සිදුකරන ලදි.

මේ සදහා මුල්‍ය දායකත්වය ව්‍යාපාරිකයකු වන විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරි රෝෂාන් සිල්වා මහතා සහ එම මහත්මිය විසින් දක්වන ලද අතර, 8 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් වැඩසටහන සංවිධානය කිරිම සදහා දායකත්වය ලබා දෙන ලදි. තවද, වැඩසටහන අවසනයේ දි සහභාගිවු දුදරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් වෙත පෝෂ්‍යදායි දහවල් ආහාර වේලක්ද ලබාදිමට සංවිධායක කමිටුව කටයුතු කර ඇත. යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලැබු මෙම උතුම් සත්කාරය වෙනුවෙන් දෙමාපියන් සහ දරුවන් විසින් සංවිධායකයින් වෙත සිය කෘතඥතාවය පිරිනමා ඇත.

මෙම අවස්ථාව සදහා 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්ජිබි කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, 141 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, අණදෙන නිලධාරි 8 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාව ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගිවිය.