Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

20th December 2022 19:16:15 Hours

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති 611 පාබල බලසේනාව සහ 613 පාබල බලසේනාව වෙත සංචාරය කරයි

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 611 සහ 613 පාබල බලසේනාව සහ ඊට අයත් බළඇණි වෙත 2022 දෙසැම්බර් මස 07,14 සහ 15 වන දින නිල සංචාරයක නිරතවිය.

මෙහිදි ප්‍රථමයෙන් 2022 දෙසැම්බර් 07 වන දින සේනාංකාධිපති තුමන් 611 පාබල බලසේනාවේ සංචාරය කළ අතර, 2022 දෙසැම්බර් 14 සහ 15 යන දිනයන්හිදී 613 පාබල බලසේනාව සහ ඒ යටතේ ඇති බලඇණි වෙත සංචාරය කළේය. මෙම සංචාරයේදි බලසේනාධිපතිවරුන් සහ ඊට අයත් බළඇණියන්හි අණදෙන නිළධාරීන් විසින් සේනාංකාධිපති තුමන් හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබිණි.

එමෙන්ම මෙම සංචාරය සිහිවනු වස් සංචාරය කරන ලද පාබල බලසේනාවන්හි සහ බළඇණියන්හි කඳවුරු පරිශ්‍ර තුළ පැළ රෝපණයක් සිදුකරන ලද අතර, බලසේනා සහ බළඇණි වල ක්‍රියාන්විත සහ පරිපාලන කටයුතු පිළිබඳව බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිළධාරීන් විසින් ඉදිරිපත් කරන ලද විස්තරයන් සදහා ද සේනාංකාධිපති තුමන් එක්විය.

තවද, සේනාංකාධිපති තුමන් විසින් සංචාරය අතරතුර සියළුම නිලයන් ඇමතූ අතර, සෙබළුන්ගේ විනය සහ වර්තමාන රාජකාරි සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කරන ලදී. මීට අමතරව තම බල ප්‍රදේශයන්හි අතීත සහ වර්තමාන තත්ත්වයන් තුළ තමන් විසින් ඉටු කරන ලද සේවාව සහ කැපවිම මෙහිදි ඇගයීමට ලක්කිරීමට ද සේනාංකාධිපති තුමන් අමතක නොකලේය.

මෙම සංචාරය සදහා 61 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සේනාංකාධිපති තුමන් සමඟ එක්ව සිටියහ.