Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th December 2022 15:38:25 Hours

141 පාබල බලසේනාව වෙතින් ’විවිධ නීතිමය තත්වයන් යටතේ ත්‍රිවිද හමුදා සමාජිකයින් වෙතපැවරි ඇති බලතල' පිළිබඳ දේශණයක් සංවිධානය කරයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 141 පාබල බලසේනාව වෙතින් 'විවිධ නෛතික තත්ත්‍වයන් යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත පැවරී ඇති බලතල, සිවිල් නීතිය සහ අපරාධ නීතිය' පිළිබද හරවත් දේශණයක් 2022 දෙසැම්බර් 02 වන දින 141 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදි පැවැත්විය.

මෙම දේශණය ආරක්ෂක සේනා (බටහිර) නීති නිලධාරි ලුතිනන් කර්නල් ඒ එම් ටී ඒ බී අරම්පත් ශ්‍රිලයුපොදුසේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ නිට්ටබුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.පී. සුමිත් චන්දන මහතාගේ සහභාගිත්වයෙන් සිදුකරන ලද අතර, සහභාගිවුවන්ගේ දැනුම වර්ධනය විමට මහත් රුකුලක් විය.

මේ සදහා 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත සහ 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ එම දේශණ වැඩසටහන සංවිධානය කලේය.

මෙම දේශනය සඳහා 141 වන පාබල බලසේනාවේ යටතේ ඇති ඒකකයේ අණදෙන නිළධාරීන් ඇතුළු නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසු නිලයින් 150 දෙනෙකු පමණ සහභාගී විය.