Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th November 2022 13:36:02 Hours

මිනිස් ජිවිතයක වටිනාකම කියාදුන් භඨපිරිස් මිනිස් ජිවිතයක් රැකදෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේනාංකය වෙත අයත් 3(සෙව්) ගැමුණු හේවා බළඇණිය නිල්වලා ගග මායිම්ව පිහිටා ඇති අතර, 2022 නොවැම්බර් මස 19 වන දින රාත්‍රි 2000 පැයට පමණ සියදිවි හානිකර ගැනීමට තැත් කළ 74 හැවිරිදි පුද්ගලයෙකු මාතර මහානාම පාලමේන් නිල්වලා ගගට පැන ඇති අතර, ඒ පිළ්බදව කදවුරේ ‘බි’දොරටුවේහි ආරක්ෂාව සදහා යොදවා සිටි සෙබළුන්හට දැනගැනිමට හැකිවි ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක සෙබළුන් ඒකක අණදෙන නිලධාරි දැනුවත් කිරිමෙන් පසු 3(සෙව්) ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් බෝට්ටුවක් මගින් සියදිවි හානිකර ගැනීමට තැත්කල පුද්ගලයා බේරාගෙන ප්‍රථමාධාර දිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර ඇත. මෙහිදි සෙබළුන් විසින් තම ජිවිතය අවධානමද නොතකා කටයුතු කිරිම මගින් සිවිල් සමාජය තුල ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ප්‍රත්රූපය ඉහල නැංවිමට බෙහෙවින් උපකාරි විය.

මෙම උතුම් ක්‍රියාව අගයනු වස් 3(සෙව්) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි තුමන් සහ භඨපිරිස් බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඇගයීමට ලක්ව ඇත.