Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th November 2022 18:07:10 Hours

141 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපතිතුමන් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව වෙත සංචාරය සිදු කරයි

141 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු, බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 නොවැම්බර් 22 වන දින වතුපිටිවල පිහිටි 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව වෙත සිය නිල සංචාරය සිදු කරන ලදී.

6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ඒ එච් එම් ටී ගුණරත්න ආර්එස්පී පීඑස්සී විසින් කඳවුරු වෙත පැමිණි බළසේනාධිපති තුමන් වෙත කදවුරු සම්මාන මුරයක් පිරිනමමින් පිළිගන්නා ලද අතර, පසුව භට පිරිස් ඇමතීම සිදුකරන ලදී. පසුව බලසේනාධිපතිතුමන් කඳවුරු භුමියේ ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළේය.

කඳවුරු සංචාරයට අමතරව, බලප්‍රදේශයේ බලසේනාව තුළ නව යෝජිත ප්‍රතිස්ථාපනයේ ස්ථාන කිහිපයක් ද බලසේනාධිපති තුමන් විසින් නිරීක්ෂණය කරන්නට විය.මෙම අවස්ථාවන් සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.