Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th November 2022 17:02:28 Hours

ඉන්දියානු කොන්සල් ජනරාල් ශාඛාවේ සහකාර ආරක්ෂක උපදේශක, 61 පාබල සේනාංක මූලස්ථානය - බූස්ස වෙත සංචාරයක නිරත වෙයි

ඉන්දියානු කොන්සල් ජනරාල් ශාඛාවේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීර් සුෂිල් මහතා 2022 නොවැම්බර් 21 වන දින 61 පාබල සේනාංක මූලස්ථානය - බූස්ස වෙත සංචාරයක නිරත වු අතර, එහිදී ඔහු 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟ සාකච්ඡාවක නිරත විය.

මෙහිදි සේනාංකාධිපතිතුමන් හා ඉන්දියානු කොන්සල් ජනරාල් ශාඛාවේ සහකාර ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ නිලධාරි අතර, අදහස් හුවමාරු කරගන්නා ලදි. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් විසින් ලුතිනන් කර්නල් පුනීර් සුෂිල් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ලුතිනන් කර්නල් පුනීර් සුෂිල් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පැමිණිම සනිටුහන් කිරීම සඳහා අමුත්තන්ගේ පොතේ සටහනක්ද තබන ලදි.