Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th November 2022 16:47:01 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරගාවලිය ඉතා උනුසුම් ලෙස නිමාවට පත්විය

ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (පිරිමි) සහ අන්තර් බලඇණි එල්ලේ තරඟාවලිය (කාන්තා) 2022 නොවැම්බර් 14 සිට 21 දක්වා කාලය තුළ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

යුද හමුදාවේ රෙජිමේන්තු 16කට සහ කාන්තා බලඇණි පහකට අයත් එල්ලේ ක්‍රිඩක, ක්‍රීඩිකාවන් 450කට අධික සංඛ්‍යාවක් තරගාවලිය සදහා සහභාගිවිය. මෙම තරගාවලියේ අවසන් මහ තරග සදහා පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණිය සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකා කණ්ඩායමත්, කාන්තා අවසන් මහ තරගය සදහා 4 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා කණ්ඩායම සහ 5 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය.

පිරිමි අංශයේ ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා එල්ලේ කණ්ඩායමට ද ඒහි අනුශුරතාවය ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකා කණ්ඩායමත් හිමිකර අතර, තෙවන ස්ථානය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සතුවිය.

මේ අතර, කාන්තා අංශයේ ශුරතාවය 4 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා කණ්ඩායම පරාජය කරමින් 5 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා කණ්ඩායම විස්න හිමිකරගත් අතර, ඒහි තෙවන ස්ථානය 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා කණ්ඩායම හිමිකර ගැනීමට සමත් විය.

2022 අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල බාලසූරිය ක්‍රිඩකයාට හිමිවු අතර, ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජයරත්න ආර්ඒඑස්ඒච් දක්ෂතම පන්දු රකින්නා සහ ඒම බළකායේම සාමන්‍ය සෙබළ කල්හාර ඩී.ඒ.ඩී.සී. විසින් හොඳම පිතිකරුවාට හිමි සම්මානා දිනා ගන්නා ලදි.

අන්තර් බලඇණි එල්ලේ ශූරතාවලියේ දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව ලෙස 5 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් දමයන්ති එම්එන්එල්කේද දක්ෂතම පන්දු රකින්නිය ලෙස 5 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා ලාන්ස් කෝප්‍රල් සමන්මලී සහ දක්ෂතම කාන්තා පිතිකරු ලෙස 5 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා ලාන්ස් කෝප්‍රල් ධර්මදාස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කමිටුවේ සභාපති මෙන්ම ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කමිටුව, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ දායකත්වය මත මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.

2022 අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ටිජේ කොඩිතුවක්කු ආර්ඩබිලිවිපි ආර්ඒස්පි ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වු අතර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සී ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු ජ්‍යෙෂ්ඨ නිලධාරි , යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ආර් ඩබ්ලිව් ඩබ් එච් ජේ බී වනිගසේකර යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් එම් ජී ඩබ්ලිව් ඩබ්ලිව් එම් සී බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා මෙන්ම බළසේනාධපතිවරුන්, මධ්‍යස්ථාන සෙනාවිධායක වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ක්‍රිඩාභාර නිලධාරින්නිලධාරින් සහ ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් අවසන් මහා තරගය නැරබිමට පැමිණ සිටියහ.

සමාරම්භක උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදා එල්ලේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 2022 නොවැම්බර් 14 වන දින සමාරම්භක පළමු දින ප්‍රකාශය සිදු කරමින් තරගාවලිය ආරම්භ කරන ලදි.