Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th November 2022 12:33:26 Hours

යුද්ධ හමුදා භට පිරිස් කැලණි ගඟේ අවහිරතාව ඉවත් කිරීමට සහාය වෙති

කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සහ 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල බළඇණියේ භට පිරිස් විසින් නවගමුව හා මාපිටිගම යා කර ඉදිකර ඇති පාලමේ පාලම් කණුවක සිරවී තිබු උණ පඳුර 2022 නොවැම්බර් 12 වන දින ඉවත් කිරීමට සහය වූහ.

මේ සඳහා 3x20 ක පමණ යුද්ධ හමුදා භට පිරිසක් සහභාගි වූ අතර, මේ සදහා නවගමුව පොලිසිය විසින් ද සහාය ලබාදී ඇත.