Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th November 2022 12:26:28 Hours

ආරක්ෂක සේනා (බටහිර) මගින් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ දේශණයක්

බදාදා පුහුණු වැඩසටහනට සමගාමීව, ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) වෙතින් මාර්ග ආරක්ෂාව පිළිබඳ කාලෝචිත වැදගත් දේශණයක් සංවිධානය කරන ලද අතර, එමඟින් වාහන මගින් සිදුවන අනතුරුවලින් වැළකී නිතිගරුක සහ ආරක්ෂාකාරි රියදුරෙකු බවට පත්වීමට මග සැලසේ.

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මග පෙන්විම සහ උපදෙස් මත මෙම දේශණය සංවිධානය කරන ලද අතර, යුද්ධ හමුදා ජනපදය - පනාගොඩ හි රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා රියදුරන් සහ ලිපිකරුවන් මෙම දේශණය සදහා සහභාගිවි ඇත.

මෙම දැනුවත් කිරීමේ දේශණය ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් දේශණය ශාලාවේදී විනයාරක්ෂකඅම රාජකාරි කරනු ලබන මාණ්ඩලික නිලධාරි 1 ලුතිනන් කර්නල් ආර් එම් එන් රත්නායක යූඑස්පී එල්එස්සී, යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේශණය පවත්වන ලදී.

මෙම දේශණය සඳහා 80ක් පමණ යුධ හමුදා භට පිරිසක් සහභාගී වූ අතර, ඒහිදි ඔවුන්ට ප්‍රශ්ණ හා ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලබාදී ඇත.