Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th November 2022 12:20:43 Hours

තවත් උදාර කාර්යයක් සඳහා යුධ හමුදා භඨපිරිස් සහය

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ට අයත් 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 බලසේනාවට අයත් 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව සහ කොට්ඨාශමුල 22 හි භඨපිරිස් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සුදර්මාරාම විහාරස්ථානයේ චෛතිය අබියස පිහිටි ගරාවැටුණු මල් ආසනයක් අළුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

මෙම වැඩසටහන 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් පරිදි 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ පුර්ණ අධීක්ෂණය යටතේ 2022 ඔක්තෝම්බර් 26 දින සිට 2022 නොවැම්බර් 08 දින දක්වා සිදු කරන ලද අතර, මේ සදහා අනුග්‍රහක දායකත්වය එක්සත් ජනපදයේ පදිංචිව සිටින චම්පිකා අබේසේකර මහත්මිය විසින් දක්වන ලදී.