Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th November 2022 11:29:38 Hours

යුද හමුදා භටපිරිස් විසින් පාසල් ළමුන් සඳහා කොළ කැඳ

කඹුරුපිටියේ පිහිටි පාත්‍රමුල්ල ප්‍රාථමික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියගේ ඉල්ලීම පරිදි ආරක්ෂක සේනා (බටහිර) වෙ අයත් 61 පාබල සේමු යටතේ ස්ථාපිත 613 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පාසල් සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා කොළ කැඳ ලබාදීමේ වැඩසටහනක් 2022 නොවැම්බර් 02 දින පාසල් පර්ශ්‍රයේදි සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන පත්‍රමුල්ල ප්‍රාථමික විද්‍යාලයේ පෝෂණ සතියට සමගාමීව සිදු කර ඇති අතර, 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ පුර්ණ අධික්ෂණය යටතේ 613 වන පාබල බලසේනාව විසින් සියළුම අවශ්‍යතා සමිබන්ධිකරණය කර ඇත. මෙම අවස්ථාවට 613 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.