Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd November 2022 10:30:45 Hours

ආපදා සහන කටයුතු සදහා තවදුරටත් ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් සහය දක්වයි

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වතුපිටිවල ලංකා සතොස අසල අත්තනගල්ල පාරට බෝ ගසක් කඩා වැටී තිබූ අතර, ඒය ඉවත් කිරීම සදහා 14 පාබල සේනාංකයට අයත් 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් දායක විය.

මෙම තත්වය ඇතිවු මොහොතේම ඒ සදහා ගම්පහ මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශවාසීන් සමග නිලධාරියෙකු ඇතුළු සෙසු නිලයින් දස දෙනෙකුගෙන් යුත් භටපිරිසක් මෙම බෝ ගස ඉවත් කිරිම සදහා තම දායකත්වය ලබා දෙන ලදි.