Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

20th October 2022 17:48:42 Hours

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් භටපිරිස් රුක් රෝපණ වැඩ සටහනක් සදහා තම දායකත්වය ලබා දෙයි

කලල්පිටිය ධාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම පුරාණ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, 141 වන පාබල බසේමු බලසේනාධිපති තුමන්ගේ උපදෙස් මත, 6 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ පිච්ච පැල 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර වශයෙන්, පිච්ච පැළ 500 ක් 2022.10.18 වන දින කලල්පිටිය ධාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී රෝපණය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් මේ සදහා සම්බන්ධ විය.