Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th October 2022 12:29:52 Hours

143 පාබල බලසේනාවට අයත් භටපිරිස් ලෝක ළමා දිනයට සමගාමීව විශේෂිත උත්සවයක් කරයි

2022 ඔක්තෝම්බර් මස 07 වන දින 2022 ලෝක ළමා දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ තේවානුවර ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභි පවුල්වල ළමුන් 65 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසෙනාධිපති තුමන්ගේ පුර්ණ අධික්ෂණයෙන් 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරන ලදි.

මේ සදහා 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ජා-ඇල පමුණුව සිංහ සමාජය දිස්ත්‍රික් 306 බී - 1 සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන පවත්වා ඇති අතර, මෙහිදි ළමුන් සදහා විශේෂ වැඩසටහන් රාශියක්ද සංවිධානය කරමින් ත්‍යාග බෙදාදිමක් සිදු කර ඇත. අනතුරුව දිවා ආහාර වේලක් ලබා දීමෙන් පසු සංගිතමය වැඩසටහනක්ද සංවිධානය කර ඇත.

මෙම උදාර කර්තව්‍ය සඳහා 143 පාබල බලසේනාවේ සිවිල් සමිබන්ධිකරණ නිලධාරී, 16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිළධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම 306 - බි 1, ජා-ඇල පමුණුව සිංහ සමාජයේ සාමාජිකයින් සහ විදුහලේ ගුරුවරුන්ද මේ සදහා සහභාගී වූහ.