Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th October 2022 10:00:56 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දේශනයකට සහභාගි විය

මත්ද්‍රව්‍ය භාවිතය සහ එහි අහිතකර බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්/දේශණ මාලාවක් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය හා අන්තරායක ඹෟෂධ පාලක ජාතික පාලක මණ්ඩලයේ සහභාගිත්වයෙන් 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේදී 2022 ඔක්තෝබර් 06 වන දින පවත්වන ලදී.

මෙම වැදගත් දේශනයන් ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්ෂණය යටතේ 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී සහ භටපිරිස් විසින් සංවිධානය කර ඇත.

වැඩසටහන මෙහෙයවිම සදහා මාතර, හම්බන්තොට සහ මොණරාගල මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව් ඒ කේ යූ චන්දික ජ්‍යෙෂ්ඨ නිලධාරි, හම්බන්තොට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂාන්ති කෝකිලා මහත්මිය සහ ඹෟෂධ පාලක ජාතික පාලක මණ්ඩලයේ සුරන්ගි නාවලහේවගේ මහත්මිය සහභාගිවිය.

මෙහිදී විවිධ මත් ද්‍රව්‍ය භාවිතය මගින් ජීවිතයට ඇති කරන බලපැම, මත්ද්‍රව්‍යවලට පුරැදු වූවන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණය කිරිම සඳහා පහසුකම් සපයන අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථාන, මත්ද්‍රව්‍යවලට යොමුවිම වැළැක්වීම සදහා උපදෙස්, මත්ද්‍රව්‍ය භාවිතය සහ නීතිමය කරැණු ආදිය පිළිබඳව සහභාගිවුවන් දැනුවත් කරන ලදී.

මෙම දේශනය සඳහා 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ නිලධාරීන් ඇතුළු යුද හමුදා සාමාජිකයින් 75 දෙනෙකු එක්ව සිටියහ.