Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th October 2022 10:05:09 Hours

'විරු කැකුළු' පෙර පාසල - පනාගොඩ ලෝක ළමා දිනය සමරයි

2022 ඔක්තෝබර් 01 වන දිනට යොදෙන ලෝක ළමා දිනයට සමගාමීව පනාගොඩ 'විරු කැකුළු' පෙර පාසල විසින් 2022 සැප්තැම්බර් 30 දින පෙර පාසල්හිදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණ කටයුතු සේවා වනීතා ඒකකයේ සහයෝගය ඇතිව පෙර පාසල් කාර්ය මණ්ඩලය විසින් සුදානම් කරන ලද අතර, පනාගොඩ 'විරු කැකුළු' පෙරපාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන, ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩී ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි/ එම මැතිණිය වන හිමාලි පුස්සැල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

පනාගොඩ 'විරු කැකුළු' පෙරපාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා හිමාලි පුස්සැල්ල මහත්මිය පෙරපාසල පැමිණීමෙන් පසු පෙරපාසල් දියණියක විසින් පරිපාලන හා ගුරු මණ්ඩලයේ සාමාජිකයන් සමඟ සම්ප්‍රදායික බුලත් හුරුල්ලක් දී එතුමිය පිළිගත්හ. ඉන් අනතුරුව පෙර පාසල් දරුවන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ ක්‍රීඩා ඉසව් හා ක්‍රියාකාරකම් නැරඹීමට ද අවස්ථාවක් කර ගත්හ.

මෙම ලෝක ළමා දින සැමරුම් වැඩසටහන අවසානය සනිටුහන් කරමින් හිමාලි පුස්සැල්ල මහත්මිය පෙරපාසල් ළමුන් සඳහා ත්‍යාග බෙදාදීමේ උත්සවයකට සහභාගී වූ අතර, පෙර පාසලෙන් පිටත්ව යාමට පෙර ළමුන්ගේ පන්තිකාමර වෙත ගොස් පෙරපාසල් ගුරුවරුන් හා ළමුන් සමඟ සිය අදහස් හුවමාරු කරගන්නා ලදී.

තවද, මෙම අවස්ථාවට සහභාගී වු හිමාලි පුස්සැල්ල මහත්මිය විසින් යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියටත්, 'විරු කැකුළු' පෙරපාසල භාරව සිටින කාර්ය මණ්ඩලයටත් සිය හෘදයාංගම ස්තුතිය පුදකර සිටි අතර, පෙර පාසලේ දූ දරුවන්, කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් වෙත ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු සඳහා සිය සුබ පැතුම් පළ කළේය.

මෙම අවස්ථාවට පෙර පාසල් කාර්ය මණ්ඩලය, ගුරුවරුන් හා යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ඇතුළුව දෙමාපියන් පිරිසක් සහභාගී විය.