Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd September 2022 17:57:58 Hours

යුද්ධ හමුදාව විසින් ‘නායකත්වය’ පිළිබදව වැඩමුළුවක් පාසල් සිසුන් සදහා සංවිධානය කරයි

වාද්දුව දළදාවත්ත පුරාණ මහා විහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව බටහිර ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපත්තුමාගේ උපදේස් මත 2022 සැප්තැම්බර් 12 වන දින දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේදි වාද්දුව ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා ‘නායකත්වය’ පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කළේය.

මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශක වශයෙන් 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ ඒ එන් පී කේ කොඩිතුවක්කු පිඑස්සි ශ්‍රිලංඉ විසින් මෙහෙයවන ලදී. මේ සදහා ප්‍රදේශයේ පිහිටි පාසල් අතර, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, වාද්දුව බාලිකා විද්‍යාලය, වාද්දුව ශාන්ත මරියා විද්‍යාලය, වේරගම කනිෂ්ඨ විද්‍යාලය සහ පින්වත්ත කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසු සිසුවියන් 30 දෙනකු පමණ සහ ගුරුවරුන් මෙම වැඩමුළුවට සහභාගි විය.

මේ සදහා සහභාගිවු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට සමාජයේ හැසිරිය යුතු ආකාරය, සමාජයේ ගෞරවනීය පුද්ගලයකු බවට පත්වන ආකාරය, එකිනෙකාට ගරු කිරීමේ වැදගත්කම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම්වල වටිනාකම ආදී කරුණු පිළිබඳව දැනුවත් කරන ලදී.