Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th September 2022 12:28:23 Hours

ආඥාපති ආරක්ෂක සේනා (බටහිර) විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකාය දොඔගොඩ සංචාරයක නිරතවෙයි

මෙම ආරක්ෂක සේනා මුලස්ථානයේ 13 වන ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ‌ජෙනරල්ඩී ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2022 සැප්තැම්බර් 12වන දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සංචාරයක නිරත විය.

එම මධ්‍යස්ථාන පරිශ්‍රෙය්දි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජී ඒ මුණසිංහ ආර්එස්පී ඒඒටිඕ සහ එම මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් විසින් ආඥාපතිතුමන් පිළිගැනිමෙන් අනතුරුව, මධ්‍යස්ථාන සේනාවිධායක විසින් කඳවුර ස්ථානගතවිම පිළිබද විස්තර කෙරෙන කෙටි දැනුවත් කිරීමකට බටහිර ආඥාපතිවරයා සහභාගී විය.

ඉන්පසු ආඥාපතිතුමා විසින් කඳවුරේ ප්‍රධාන ස්ථාන කිහිපයක් ද, සෙබළුන්ගේ සුබසාධන කටයුතුවලට අමතරව දොඹගොඩ කම්හලේ ටයර් නැවත පිරවිම් අංශය ද ඇතුළුව ප්‍රධාන ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. තවද, එම පරීක්‍ෂණයේදී කඳවුරේ සුබසාධනය සහ වැඩිදියුණු කිරිම සඳහා අවශ්‍ය උපදෙස් ආඥාපතිතුමන් විසින් අදාළ නිලධාරීන් වෙත ලබා දෙන ලදී. මේ අතර ආඥාපතිතුමන් එම ඹධ්‍යස්ථානයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායේ පුහුණු පාසලට ද ගිය අතර, එහිදී පාඨමාලාවන්හි නිරත සිසුන් සමඟද කථාබහක නිරතවිය.

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර ආඥාපතිතුමන් 'විශේෂ අමුත්තන්ගේ' පොතේ ප්‍රශංසා සටහනක් තැබිමටද අමතක නොකළේය.

තවද, ආඥාපතිතුමන් විසින් නැවත පැමිණෙන අතරතුර 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 612 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් සමඟ ආරක්ෂක සේනා (බටහිර) යටතේ නව යෝජිත බලඇණි යෙදවීම සඳහා තෝරාගනු ලැබු බුලත්සිංහල සහ වාද්දුව යනස්ථාන කිහිපයක නිරික්ෂණ සංචාරයකද නිරතවිය.

මේ සදහා ආඥාපතිවරයා සමග 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩියු, ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන භකාස සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සංචාරය සදහා සහභාගිවිය.