Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th September 2022 06:11:54 Hours

61 පාබල සේනාංකය මගින් වෛද්‍ය සිසුන් සඳහා වාහන නඩත්තු කිරීම පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කරන ලදී

රුහුණු විශ්වවිද්‍යාලය විසින් කරන ලද ඉල්ලීමට අනුව, කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා වාහන නඩත්තුව සහ එහි මූලික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එක්දින වැඩමුළුවක් 2022 සැප්තැම්බර් 06 වන දින බූස්ස 61 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ මෙම වැඩමුළුව සඳහා සියලු කටයුතු සංවිධානය කරන ලද අතර, මේ සදහා බූස්ස පිහිටි ශ්‍රිලවියාඉ ක්ෂේත්‍ර වැඩපොල භාර නිලධාරී අණදෙන සහ කාර්මික සෙබළුන් විසින් පැමිණි සිසුන් සඳහා න්‍යායාත්මක සහ ප්‍රායෝගික වැඩසටහන් පවත්වන ලදී.

මේ සදහා වෛද්‍ය සිසුන් 22ක් සහභාගිවූ අතර, වැඩමුළුවේදී ප්‍රශ්නෝත්තර ඇසිමේ වැඩසටහන් පවත්වා සිසුන්ට තමන්ගේ ගැටළු නිරානරණය කර ගැනීමට ද අවස්ථාව ලබා දෙන ලදී.