Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th September 2022 18:38:28 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් තවත් ආපදා සහන කටයුතු සිදුකරයි

14 පාබල සේනාංකය යටතේ පාලන වන 141 පාබල බලසේනා බලප්‍රදේශයට අයත් බියගම - මල්වාන ප්‍රදේශයේ පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් මල්වාන - බණ්ඩාරවත්ත මාර්ගය ජලයෙන් අඩි 3ක් පමණ යටවිය. මේ නිසා මල්වාන අල් මුබාරක් පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට තම පාසලට යාමට අපහසු වී ඇති අතර, එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවට තම එදිනෙදා කටයුතු කරගෙන යාමටද අපහසු වී ඇත.

ඒ අනුව, 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, මල්වාන රක්‍ෂපාන ගම්මානයේ සිට අල් මුබාරක් පාසල දක්වා පාසල් ළමුන් ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ 8 වන බලඇණියේ භට පිරිස් සමගින් අවශ්‍ය වාහන සමග සපයා ඇත.

එමෙන්ම, ගංවතුරින් විපතට පත් එම ප්‍රදේශයේම ජීවත් වන ජනතාවගේ සාමාන්‍ය එදිනෙදා කටයුතු යථාතත්වයට ගෙන ඒම සඳහා ද අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද සපයා ඇත.