Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th September 2022 18:36:28 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් ජල ගැලීම් අවම කිරිමට සහය වෙති

මේ දිනවල රටපුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් 2022 සැප්තැම්බර් මස 06 වන දින කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනා බලප්‍රදේශයට අයත් අංක 471 ඉහල බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ඉහළ බෝමිරිය අමුණ පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර තත්ත්වයට පත්ව ඇත.

ඒ අනුව 144 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (සෙව්) ශ්‍රි ලංකා පාබල බළඇණියට අයත් භට පිරිස් එම ස්ථානය වෙත ගොස් ඉහළ බෝමිරිය අමුණෙහි ජලය පිටාර ගලන ස්ථාන වෙත වැලි කොට්ට උර යොදා ඉහළ බෝමිරිය ගම්මානය හරහා කැළණි ගඟ පිටාර ගැලීම වැළැක්වීමට කටයුතු කළේය.

මේ සඳහා 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 2 (සෙව්) ශ්‍රි ලංකා පාබල බළඇණියේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සහභාගීවිය.