Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th September 2022 18:11:16 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් ආපදා සහන කටයුතු දියත් කරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මට්ටක්කුලිය අංක 259 ග්‍රාමනිලධාරි කොට්ඨාශය ගංවතුරින් යට විය.

ඒ අනුව බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 7 වන බලඇණිය ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් අංක 259 ග්‍රාමනිලධාරි කොට්ඨාශයේ විපතට පත් ජනතාව වෙත ආහාර පාර්සල් 100 ක් බෙදා දිමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 06 දින සිදු කරන ලදි.

මෙයට අමතරව ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් අතරමංව සිටි ජනතාව මුදා ගැනීමට ද භට පිරිස් කටයුතු කළහ.