Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st August 2022 17:17:49 Hours

ගරු සේවා වනිතා සභාපතිතුමිය පනාගොඩ පිහිටි 'විරු කැකුළු' පෙරපාසලේහි සංචාරයක නිරතවෙයි

2022 අගෝස්තු 29 දින යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගරු ජානකී ලියනගේ මහත්මිය විසින් පනාගොඩ පිහිටි ‘විරු කැකුළු’ පෙරපාසලේහි සංචාරයක නිරතවිය. මෙම සංචාරය ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ සුබසාධනය පිළිබඳ සොයා බැලීම ප්‍රධාන අරමුණ වු අතර, මෙහිදි ‘විරු කැකුළු’ පෙර පාසල වෙත පැමිණි සභාපතිතුමිය පෙර පාසලේ පරිපාලන හා ගුරු මණ්ඩලයේ සාමාජිකයින් සමඟ සම්ප්‍රදායිකව බුලත් මිටක් පිළිගන්වමින් පෙර පාසල් දියණියක් විසින් ඇය පිළිගන්නා ලදී.

තවද ‘විරු කැකුළු’ අධ්‍යාපනය හදාරන කුඩා දරුවන් සමග සුහද කථාබහක යෙදුන සභාපතිතුමිය විසින් දරුවන් හට පොත් කට්ටල සහ කිරි පැකට් බෙදාදිමක්ද සිදුකරන ලද අතර, පෙර පාසලේහි සංවර්ධනය පිළිබද අදාල බලධාරින් සමග සාකඡච්ඡා කලේය.

සභාපතිතුමිය ‘විරු කැකුළු’ පෙර පාසලෙන් පිටවිමට ප්‍රථම එතුමියගේ පැමිණිම අගයනු වස් කළ 'විරු කැකුළු' පෙරපාසලේ පරිපාලකයින් සහ ගුරුවරුන් ඇය වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කළහ.එමෙන්ම ‘විරු කැකුළු’ පෙරපාසල අසල පිහිටි පනාගොඩ සේවා වානිතා රූපලාවන්‍යාගාරය වෙතද පැමිණි සභාපතිතුමිය එහි සේවය කරන රූපලාවන්‍ය ශිල්පින් සමඟ සුහද කථාබාහක නිරත වු අතර එහි තත්ත්වය සහ ප්‍රගතිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව විමසා සිටින ලදි.

මෙම සංචාරය සදහා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් සමග 'විරු කැකුළු' පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන හිමාලි පුස්සැල්ල මැතිණියද, බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් ඩී ඒ අමරසේකර යූඑස්පී, යුධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි විය.