Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th August 2022 12:41:15 Hours

පුබුදුගම ප්‍රදේශයේ ඇති වු විශාල ගින්නක් මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා සහාය

වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පුබුදුගම ප්‍රදේශයේ මුතුරාජවෙල අභය භුමිය ආශ්‍රීතව 2022.08.26 පෙරවරුවේ සිට හදිසියේ ඇති වූ ගින්නක් පැතිරයාම වැලැක්වීම සඳහා යුද හමුදා සහාය ලබා දීමට කටයුතු කර ඇත.

මෙම ගිනිගැනීම පිලිබඳ සැළවූ විගස, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරදි 8 වන පාබල බලඇණියේ සෙබළුන් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට ගොස් ගින්න අනෙකුත් ප්‍රදේශ පුරා පැතිරීම වැලක්වීමට සහ ගිනිගැනීම සම්පුර්ණයෙන් නිවා දැමීම සඳහා තම උපරිම සහාය කඩිනමින් ලබා දෙන ලදී.

එමෙන්ම, නාවික හමුදාව වෙතින් ජල බවුසරයක් සහ ගිනිනිවන රථ 2 ක්, ගුවන් හමුදාව වෙතින් හෙලිකොප්ටර් යානා දෙකකින්ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගම්පහ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා සහාය ලබා දී ඇත.

මෙම ගිනිගැනීම 27 වන දින දහවල් කාලය දක්වා පැවතුන අතර සවස්භාගය වනවිට ගින්න සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකියාව ලැබී ඇත. මෙම ගිනිගැනීම හේතුවෙන් අක්කර 80 ක පමණ භුමි ප්‍රදේශයක් විනාශ වී තිබේ.