Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th August 2022 15:17:31 Hours

ආරක්ෂක සේනා (බටහිර) අයත් භට පිරිස් තවත් පුණ්‍ය වැඩසටහනක් සංවිධානය කළහ

ආරක්ෂ සේනා (බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාව හා 2 (සෙව්) පාබල බලඇණියේ භට පිරිස් මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සදහා 2022.08.22 දින තැඹිලි වතුර (ගෙඩි 2000ක්) පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මුලිකත්වයෙන් සිදුකරනු ලැබු අතර, මෙහි සංවිධානත්මක කටයුතු 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 144 පාබල බලසේනාවේ සහ 2 (සෙව්) පාබල බලඇණියේ භට පිරිස්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. මීට අමතරව මේ සඳහා තැඹිලි සපයා ගැනීමට අනුග්‍රහය ප්‍රදේශවාසින් විසින් ලබාදෙන ලදී.

මෙම උතුම් කර්තව්‍යය සඳහා 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 144 පාබල බලසේනාවේ සහ 2 (සෙව්) පාබල බලඇණියේ නිලධාරි/සෙසුනිලයින්, රෝහල අධ්‍යක්ෂක ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සහභාගී විය.