Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2022 14:50:47 Hours

යුද්ධ හමුදා සෙබලුන් තවත් පුන්‍ය කටයුත්තක් සදහා තම දායකත්වය ලබාදෙයි

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ Tan Ngak Buay & Kee Meng Lang Foundation limited (Singapore) යන සංවිධාන මුල්‍ය දායකත්වය යටතේ ශ්‍රි ලංකාවේ අඩු ආදයම්ලිභි පවුල් 42500 ක් සදහා වියළි සලාක මල්ලක් බැගින් බෙදාදිමේ වැඩසටහනට අදාලව කොළඔ දිස්ත්‍රික්කයට අයත් 144 පාබල බලසේනා බලප්‍රදේශයට අයත් මුල්ලේරියාව දකුණ, දොඩන්ගහහේන, මදින්නාගොඩ සහ ඇල්හේන යන ග්‍රාම සේවා වසමිවලට අයත් අඩු ආදයම්ලිභි පවුල් 500 ක් සදහා වියළි සලාක මළු බෙදාදිමක් මදින්නාගොඩ සුරම්‍යරාම විහාරයේදි 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.08.06 දින පැවැත්විය.

ඒ අනුව මෙම වියළි සලාක බෙදාදිමේ අවසන් අධියරය යටතේ පවත්වනු ලැබු වියළි සලාක මළු බෙදාදීමේ වැඩසටහන ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ ඒම් වි කොඩිතුවක්කු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අධික්ෂණය යටතේ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන නායක ස්වාමින් වහන්සේ මෙන්ම 2(සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ අණදෙන නිලධාරිතුමන් හා නිලධාරි/සෙසුනිලයින්ද මෙම වැඩසටහන සදහා සහභාගිවිය.