Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd August 2022 07:47:37 Hours

61 පාබල සේනාංකය මගින් විශේෂ ආරක්ෂක සටන් පුහුණු වැඩමුලුවක් පවත්වයි

61 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 613 පාබල බළ සේනාධිපති කර්නල් කේවිඅයිඑල් ජයවීර යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත කමාන්ඩෝ රෙජිමේන්තුවේ තාත්වික සටන් ක්‍රම පිළිබඳ විශේෂිත උපදේශක මඩුල්ලකගේ උපදේශකත්වය යටතේ 61 පාබල සේනාංක මුලස්ථානයට අයත් බළසේනා සහ ඒකකයන්හි නිලධාරි / සෙසුනිළයින්ගේ දැනුම සහ ප්‍රායෝගික කුසලතාවයන් වර්ධනය කිරිම උදෙසා විශේෂ ආරක්ෂක සටන් පුහුණු වැඩමුලුවක් 2022.07.27 වන දින සිට 2022.07.29 වන දින දක්වා 61 පාබල සේනාංක මුලස්ථානයේ දී ආරම්භ කරන ලදි. මේ සදහා බළසේනා මුලස්ථාන හා ඒකක වෙතින් නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිළයින් 88 දෙනෙකු සහභාගී වන අතර තත් පාඨමාලාව දින 03 ක් පුරාවට පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

දැනට රටතුල උද්ගත වි ඇති නොසන්සුන්කාරි තත්ත්වය යටතේ යුද්ධ හමුදා භඨපිරිස් වලටද සාමාන්‍ය ජනතාව අතරට යමින් පොලිසියට සහය දැක්වීමට සිදු වි ඇත.එසේ රාජකාරි සිදුකිරිමේදි සොල්දාදුවෙකු ලෙස ගැටළු නිරාකරණය කිරීම සඳහා බලය භාවිතා කිරීම, නිසි ලෙස අවම බලය යොදා ගැනිම, මානව හිමිකමි සහ සංග්‍රාමික නීතිය පිළිබදව ප්‍රායෝගික මෙන්ම න්‍යාත්මකව දැනුමක් ලබා සිටිය යුතුය. විශේෂයෙන් ආසේමු (බටහිර) ට අයත් 61 පාබල සේනාංක බළප්‍රදේශය තුල රාජකාරි නියුතු භටපිරිස් මේ වන විට වඩා සංවේදි ගැටළුවලට මුහුණ දී ඇති අතර එම ගැටළු නිරාකරණය කිරීම සදහා සොල්දාදුවෙකු ලෙස නිරායුධව හෝ ආයුධ සන්නද්ධව තම ආත්ම ආරක්ෂාව සලසා ගනිමින් රාජකාරි කටයුතු කිරීමට සිදුව ඇත. ඒ සදහා අවි නිරායුධ කිරිමේ ප්‍රති නිරායුධ සරඹ, ආරක්ෂිත මුගරැ මගින් පහරදිමේ සරඹයන් (Defense Batten Techniques) වැනි සුවිශේෂී සටන් ක්‍රම උපායන් දැන සිටීම අතිශයින් වැදගත්වේ.

තවද සොල්දාදුවෙකු ලෙස එම ගැටුම් නිරාකරණය කිරීම සඳහා ඊට අවශ්‍ය කරන ආත්ම විශ්වාෂය ගොඩනැගීමද මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණක් වේ.