Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th July 2022 10:32:16 Hours

යුද හමුදා සෙබළුන් ලේ දන්දීමේ වැඩසටහනකට දායකත්වය ලබාදෙයි

2022 ජූලි 02 වන දින කොළඹ 5 - විශාඛා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවේ සහ 144 පාබල බලසේනාවට අයත් යුධ හමුදා භටපිරිස් නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදී.

මෙම ලේ දන්දීමේ වැඩසටහන කොළඹ 5, විශාඛා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායිකාවන් විසින් සංවිධානය කරන ලද අතර, නාරාහේන්පිට ලේ බැංකුවේ වෛද්‍ය කණ්ඩායමක් මේ සදහා එක්විය.

ලේ දන්දීම සදහා 142 පාබල බලසේනාවේ හා 144 පාබල බලසේනාවට අයත් සෙබළුන් 40ක් පමණ තම ලේ පරිත්‍යාග කළහ.