Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th July 2022 15:13:48 Hours

613 පාබල බළසේනාවේ භටපිරිස් වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් සදහා තම දායකත්වය ලබාදෙයි

ආරක්‍ෂක සේනා (බටහිර) බල ප්‍රදේශයට අයත් 61 පාබල සේමු යටතේ ස්ථාපිත 613 පාබල බළසේනාවට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වියලි සලාක මළු 100 ක් බෙදාදිමේ වැඩසටහනක් 2022.07.03 වන දින බද්දේගම, සන්දරවල, හැඩිදෙමළ කන්දේ දුටුගැමුණු රජමහා විහාරයේදී සිදුකරන ලදී.

එම වැඩසටහන අදාල විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක වැලිවිටියේ ශ්‍රි සුමන නාහිමි වහන්සේගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබිලිව්වි ආර්ඩබ්ලිවිපී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී එම්පීඑල් යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සම්බන්ධීකරණය මත ඇමරිකාවේ පදිංචි ජාගොඩ මහතාගේ මුල්‍ය දායකත්වයෙන් 613 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් කේවී අයි එල් ජයවීර යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ 613 පාබල බළසේනාවේ භටපිරිස් සහභාගිත්වයෙන් සිදුකරන්නට විය.