Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th July 2022 19:10:44 Hours

144 පාබල බළසේනාව මගින් වියළි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් පවත්වයි

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ Tan Ngak Buay & Kee Meng Lang Foundation Limited මුල්‍ය දායකත්වයෙන් 2022.07.01 දින ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය‌ට අයත් 144 පාබල බලසේනාව සහ 2 (සෙව්) ශ්‍රි ලංකා පාබල බළඇණියේ භටපිරිස් සහභාගිත්වයෙන් ආරක්ෂක සේනා (බටහිර) බළප්‍රදේශයට අයත් කඩුවෙල ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 330 සදහා වියළි සලාක මලු බෙදාදිම වැඩසටහනක් හේවාගම ප්‍රාථමික විද්‍යාලයේදි සිදු කරන ලදි.

144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 144 පාබල බලසේනාවේ සහ 2 (සෙව්) බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කර ඇත.

මෙම වියළි සලාක මලු බෙදාදීමේ අවස්ථාව සදහා තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන නායක හිමි, හේවාගම විහාරාධිපති මල්වානේ පඤ්ඤාසාර හිමි, කඩුවෙල ප්‍රාදේශිය ලේකම් සහ හේවාගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ද සහභාගි විය.