Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th May 2022 20:24:17 Hours

ආසේමු (බටහිර) භටපිරිස් විසින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එන්නත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාධිපති ජෙනරල් එල්එචිඑස්සී සිල්වා ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබිලිවිපී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී එමිෆිල් උපදෙස් පරිදි COVID-19 වසංගතය පැතිරිම වැලැක්වීම සදහා එන්නත්කරණ වැඩසටහනක් විහාරමහා දේවි උද්‍යානයේදි අද දින (18) සිට පවත්වනු ලබයි. මෙහි සමිබන්ධීකරණ කටයුතු ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) අධික්ෂණය යටතේ සිදුකරනු ලබයි.

නාරාහේන්පිට මුලික යුධ හමුදා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍ය කණ්ඩායමි සහ අනෙකුත් යුධ හමුදා කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා තම දායකත්වය උපරිම ලෙස ලබා දෙයි.

මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ මහජනතාව වෙත අවශ්‍ය සයිනොෆාමි මාත්‍රා එක සහ දෙකත් ෆයිසර් මාත්‍රා හතරම එන්නත්කරණය කරනු ලබයි.