Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th March 2022 13:04:10 Hours

ආරක්ෂක සේනා (බටහිර) භඨ පිරිස් තවත් ආපදා තත්වයක් සඳහා සහය දක්වයි

2022 මාර්තු 17 වන දින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර කොළඔ ප්‍රධාන මාර්ගයට වැටි තිබු බෝගසක් ඉවත් කිරිම සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 611 බළසේනාවට අයත් 8 වන බලඇණිය ගැමුණු හේවා භඨ පිරිස් තම සහය ලබා දෙන ලදි.

මෙම බෝ ගස රත්නපුර නව නගර අධිකරණ සංකිර්ණය ඉදිරිපිට පිහිටා තිබු අතර මෙම සිද්ධිය‌ හේතුවෙන් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඒල්ල විය. 8 වන ගැමුණු හේවා බලඇණියේ ඒක් නිලධාරියකු හා සෙසු නිලධාරින් 30 දෙනෙකු මෙම බෝ ගස මාර්ගයෙන් ඉවත් කිරිම සදහා තම සක්‍රිය දායකත්වය ලබා දුන්හ.