Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th March 2022 11:24:02 Hours

ආරක්ෂක සේනා (බටහිර) භඨ පිරිස් විසින් පානදුර සිට බේරුවල දක්වා වෙරළ තිරය පිරිසිදු කිරිම සදහා සහය දක්වයි

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිවිපි ආර්එස්පි එන්ඩියු උපදෙස් මත බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිබිඑස්එන් බෝතොට ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ගේ අධීක්ෂණය යටතේ 612 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 12 කාඉරෙ හා 1වන ශ්‍රීලංකා යුධ හමුදා පුරෝගාමි බලකායේ භට පිරිස් සහභාගිත්වයෙන් 2022 මාර්තු 05 දින පානදුර සිට බේරුවල දක්වා වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.

තවද සාමාන්‍ය ජනතාව තුළ ආකල්පමය පිබිදීමක් ඇති කිරීම සහ වෙරළ පිරිසිදු කිරීම සඳහා ප්‍රජා දායකත්වය ලබා ගැනීම සහ ‍ වෙරළබඩ හා සමුද්‍ර සම්පත්වල වටිනාකම ඔවුන්ට හඳුනාගැනීමේ අරමුණින් වැඩසටහන සංවිධානය කරන අතර මෙම වැඩසටහන සදහා 30 ක පමණ යුද හමුදා භට පිරිසක් හා ප්‍රදේශයේ මහජනතාවද සහභාගි විය.