Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd March 2022 19:13:09 Hours

612 පාබල බලසේනාවේ බලසේනාධිපති 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත නිල සංචාරයක් සිදු කරයි

612 පාබල බලසේනාවේ බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී බලසේනාධිපති නවතමයෙන් රාජකාරි භාරගැනීමේන් අනතුරු ව 2022 .02.19 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත තම පලමු නිල සංචාරය සිදු කරන ලදි.

මෙහිදි 12 වන කාරක ඉංජිනේරු, රෙජිමේන්තු‍වේ නිලධාරීන් සහ ජේ්‍යෂ්ඨ කොම්ෂන් නොලත් නිලධාරින් විසින් බලසේනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි . 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ඒකක විස්තර කිරීම, භට පිරිස් ඇමතිම සහ කඳවුර පරික්ෂා කිරිම සංචාරයට ඇතුළත් ඇතුලත් විය.

භට පිරිස් අමතමින් 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමා විසින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ විනයගරුක වීමේ වැදගත්කම ද යුධ හමුදාව තුල රාජකාරිය සිදුකිරිමේ ස්වාභාවය යන කරුණුය.

දවසේ සංචාරයට අනුව, අවසානයේ, බලසේනාධිපති විසින් 612 බලසේනාව සඳහා යෝජිත දොඹගොඩ පවතින ඉඩම පරීක්ෂා කරන ලද අතර මෙම සංචාරය COVID - 19 වැලැක්විමෙ ක්‍රම වේදයන්ට අනුව පැවැත්විය.