Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th February 2022 12:49:15 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවු ගින්නක් නිවා දැමිමට සහය දක්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර), මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිවිපී ආර්එස්පී එන්ඩියු ගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය යටතේ 611 පාබල බල සේනාවට අයත් 8 වන බලඇණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් 2022 පෙබරවාරි 23 වන දින බදාදා පස්වරුවේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට දායකත්වය සපයන ලදි.

8 වන බලඇණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 20 දෙනෙකු, මාවනැල්ල ගිනි නිවන ඒකකය සහ මාවනැල්ල පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට සහාය දැක්වීමට කඩිනමින් එම ස්ථානයට පැමිණියහ.