Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th March 2022 11:08:11 Hours

‌ආසේමු (බටහිර) වෙතින් , තවත් විශේෂ වැඩමුලුවක් සංවිධානය කරයි

ආසේමු (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි විගණන නිරික්ෂණයන් අවම කරගැනිම සදහා මහජන අර මුදල් සහ මහජන මුදල් නොවන අරමුදල් පරිහරණයේදි ඇතිවන ගැටලු අවම කිරිම යන මාතෘකාව යටතේ දෙදින වැඩමුලුවක් ආසේමු ( බටහිර ) වෙතින් සංවිධානය කර තිබු අතර එම වැඩමුලුවේ හි පලවන දිනය 2022.03.16 වන දින රෙම ශ්‍රීලපාහ දේශන ශාලාවේදි පැවැත්විණි.

වැඩමුලුවේ සරාම්භක දේශණය සිදුකිරිම මෙම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් (පාලන/භකාස) බ්‍රිගේඩියර් ජි ඩි ආර් යු ගල්හේනගේ ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් සිදු කල අතර වැඩමුලු‌වේ දේශණයන් සිදු කිරීම සදහා අදාල විෂය පිළිබද දැනුමැති ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ජ්‍යෙකොනොනින් සහභාගි විය . මෙම වැඩමුලුව මගින් විගණන පරික්ෂාවන්හි පවතින පොදු නිරික්ෂණ, මහජන අරමුදල් හා මහජන නොවන අරමුදල් රෙගුලාසි, යුද්ධ හමුදා ප්‍රසමිපාදන පටිපාටිය, හදිසි ඉංජීනේරු සේවා වාහන නඩත්තු සහ සේවා බැරැක්ක අවශ්‍යතා මිළදි ගැනිම , වාහන පවරා ගැනිමි පිළිවෙත සහ සලාක පිළිවෙත් , ආදි වැදගත් කරුණු කිහිපයක් පිළිබදව සාකචිඡා කරන ලදි.

මෙම වැඩමුලුව සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ රාජකාරි කරනු ලබන නිලධාරින් 75 ක් සහ සෙසු නිලයින් 260 දෙනෙකු පමණ සහභාගි වු අතර වැඩමුලුව ප්‍රශ්ණ විචාරාත්මකව වැඩසටහනකින්ද සමන්විත විය. තවද මෙම වැඩමුලුව COVID 19 වැලැක්විමෙ මාර්ගෝපදේශයට අනුව පවත්වන ලදි.