Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th September 2022 17:42:59 Hours

හඳගිරිය, බලංගොඩ ප්‍රදේශයේ හදිසියේ ඇතිවු ගින්නක් පැතිරිම භටපිරිස් විසින් වලක්වයි

හඳගිරිය, බලංගොඩ ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් 13 දින ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්විම සදහා 611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ගැමුණු හේවා බලඇණියේ භටපරිස් විසින් කඩිනමින් ක්‍රීයාත්මක විය.

මේ සදහා 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයාගේ උපදෙස් මත 8 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරී පුර්ණ අධික්ෂණය යටතේ එක් නිලධාරියෙකු සහ භටපිරිස් 25 දෙනෙකු ඒම ස්ථානයට ලගාවි ඒම ගින්න මැඩපැවැත්විමට ක්‍රියාකරන ලද අතර, ප්‍රදේශයේ ජනතාවද ඊට සහභාගිවිය.

මෙම ගින්න සෙසු වනාන්තරවලට පැතිරිමට ප්‍රථම පැය 4ක් ඇතුළත භටපිරිස් විසින් ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර, මෙම ගින්න හේතුවෙන් අක්කර 14කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව තිබේ.