Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th August 2023 15:06:07 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව බලකාධිපතිතුමන් පොදුසේවා බලකා ඒකකයන්හි ප්‍රථම නිල සංචාරයේ නිරත වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2023 ජුලි මස 27 සිට අගෝස්තු මස 4 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා ඒකකයන්හි ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

සංචාරයේ නිරත බලකාධිපතිතුමන් එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයන්හි කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳ එතුමන් දැනුවත් කරන ලදී.

සංචාරයන් අතරතුර හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එම භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.