Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th August 2023 10:11:00 Hours

විශ්‍රාම යන 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) වෙතින් ගෞරව ලබයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) අනෙකුත් නිළධාරීන් විසින් 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට විශ්‍රාම යාම නිමිත්තෙන් 2023 අගෝස්තු 21 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථාන (බටහිර) පරිශ්‍රයේදී උපහාර උළෙලක් පවත්වන ලදී.

මෙහිදී ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික විසින් මේජර් ජෙනරාල් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත උපහාරයක් වශයෙන් සමුගැනීමේ දේශනයක් පවත්වන ලද අතර, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් වසරක සේවා කාලය තුළ ඔහු කළ අගනා සේවය ඇගයීමට ලක් කළේය. තවද සේනාංකාධිපතිගේ විශිෂ්ඨ නායකත්ව ගුණාංග සහ මීට මාස කිහිපයකට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයේදී ඔහු විසින් ගත් ක්‍රියා මාර්ග මෙන්ම බලප්‍රදේශයේ සුභසාධනය සහ සංවර්ධනය පිළිබඳව ද ඔහු කළ සේවය අවධාරණය කරන ලදී.

ඒ සමගම, නික්ම යන ජ්‍යේෂඨ නිලධාරි විසින් තමන් වෙත නොමද සහය දැක්වීම සම්බන්ධයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසු නිලයින් වෙත සිය කෘතඥතාවය පළ කළේය.

උත්සවයේ සමාප්තිය ලෙස ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති විසින් මේජර් ජෙනරාල් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ කාලය තුළ සිදු කරන ලද අගනා සේවය අගයමින් සමරු තිළිණයක් ද පිරිනැමිණි.

තවද, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් මේජර් ජෙනරාල් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ඔහුගේ විශ්‍රාම දිවියට සහ ඉදිරි කටයුතුවලට සුබ පැතුම් එක් කළහ.