Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

25th October 2023 16:31:46 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩසටහනක් පැවැත්විම

2023.10.01 වන දින යෙදි තිබු ලෝක ළමා දිනය වෙනුවෙන් කැළණිමුල්ල සමෘද්ධි ප්‍රජාමුල සංවිධානය වෙතින් සංවිධානය කරනු ලැබු ඉතා අඩු ආදායම්ලාභි පවුල්වල ජිවත් වන දරුවන් 57ක්, දෙමාපියන් 30ක් සදහා 2023.10.21 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා 2(සෙව්) ශ්‍රීලපාහ ඒකක ක්‍රිඩා පිටිය හා දේශණ ශාලාවෙදි දරුවන්ගේ විනෝදාස්වාදය සදහා විනෝද ජනක වැඩසටහනක් පවත්වා දිවා ආහාර වේලක් ලබා දෙන ලදි.

මෙම වඩසටහන සදහා මුල්ලේරියාව සමෘධි බැංකු කළමණාකාර සෝමා දර්ශනි මහත්මිය, මහජන සෞඛ්‍ය පරික්ෂක ධනංජය ගමගේ මහතා, සමෘධි නිළධාරි ලලනි හපුආරච්චි මහත්මිය හා 2(සෙව්) ශ්‍රීලපාහ ඒකක අණදෙන නිළධාරි/දෙවන අණදෙන නිලධාරි සහ සෙසු නිළයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.