Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st October 2022 19:45:08 Hours

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් තුමන් ආරක්ෂක සේනා (බටහිර) සහ 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණිය වෙත සංචාරයක් සිදු කරයි

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුධෝපකරණ මාස්ටර් ජෙනරල් සහ උපකරණ මාස්ටර් ජෙනරල් තනතුරෙහි වැඩබලන මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ආර් ඩබ්ලිව් එච් ජේ බී වනිගසේකර යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ඔක්තෝම්බර් මස 27 දින ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සහ 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණිය වෙත සංචාරයක නිරත විය.

ආඥාපති ආරක්‍ෂක සේනා (බටහිර) මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්විම යටතේ බ්‍ර්ගේඩියර් පාලන භකාස බ්‍ර්ගේඩියර් ඩී ඒ අමරසේකර යූඑස්පී සහ බ්‍ර්ගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍ර්ගේඩියර් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අධික්ෂණය යටතේ මෙම සංචාරය සංවිධානය කල අතර,එහිදි පරිපාලනය, නිල නිවාස සහ සැපයුම් කටයුතු සම්බන්ධ ගැටළු සොයා බැලිම ප්‍රධාන අරමුණ විය. මෙහිදි ප්‍රථමයෙන් යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් තුමන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි ආරක්ෂක සේනා මුස්ථානය (බටහිර) වෙත පැමිණි අතර, එහිදි ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්, බ්‍ර්ගේඩියර් පාලන භකාස සහ බ්‍ර්ගේඩියර් ප්‍රධාන මාණ්ඩලික විසින් යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිගන්නා ලදි.

ඉන් අනතුරුව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, පාබල සේනාංකයන්ට අයත් බළසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකකයන්හි අණ දෙන නිලධාරින් සහ ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය සම්මන්ත්‍රණ ශාලාවේදී සාකචිඡාවක් සංවිධානය කල අතර, එහිදි නව කදවුරු ස්ථාපිත කිරිම සදහා ඉඩම් පවරා ගැනීමේ ප්‍රගතිය, දුම්රිය බලපත්/බස් බලපත්‍ර, 2022/2023 වසර සඳහා ඉල්ලා ඇති ප්‍රාග්ධන වියදම් මෙන්ම ආරක්‍ෂක සේනා (බටහිර) බල ප්‍රදේශයන්හි පරිපාලනය සහ සැපයුම් කටයුතු, නඩත්තු සේවා, වාහන අවශ්‍යතා, ඉන්ධන ගැටළු (වාහන/ යන්ත්‍රෝපකරණ, සහන සේවා/පාසල් සේවා), සලාක ගැටළු, ප්‍රාග්ධන භාණ්ඩ (උපකරණ/යන්ත්‍ර සූත්‍ර), සනීපාරක්ෂක පහසුකම්, වාහන සේවා/නඩත්තු සහ අළුත්වැඩියා කිරීම් යනාදි වැදගත් කරුණු පිළිබදව සාකචිඡා කරන ලදි.

ඉන් පසුව යුධෝපකරණ මාස්ටර් ජෙනරල් තුමන් දෙල්ගොඩ පිහිටි 8 වන ශ්‍රි ලංකා පාබල බළඇණිය වෙත සංචාරයක නිරත විය. කදවුර වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සමිප්‍රධායානුකුලව පිළිගැනිමෙන් පසු කඳවුරු පරිශ්‍රයේ ප්‍රධාන ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළ අතර, නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ තම අදහස් හුවමාරු කර ගත්තේය. තවද, කඳවුරු පරිශ්‍රයේ පැවැත්මට සමිබන්ධ නඩත්තු කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද 8 වන ශ්‍රි ලංකා පාබල බළඇණියෙහි අදාල නිලධාරින් වෙත උපදෙස් ලබා දුනි.

මෙම නිරික්ෂණ සංචාරයන් සදහා යුධෝපකරණ මාස්ටර් ජෙනරල් තුමන් සමග ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන්, සේනාංකාධිපතිවරුන්, ආරක්ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍ර්ගේඩියර් පාලන භකාස, බලසේනාධිපතිවරුන්, අනදෙණ නිලධාරිවරුන් සහ ආරක්‍ෂක සේනා (බටහිර) මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටියහ.