Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th October 2022 12:09:49 Hours

යුද්ධ හමුදාව වෙතින් සරසවි සිසුන් සදහා නායකත්ව වැඩමුළුවක්

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාවේ සංවිධානයෙන් යුතුව රුහුණු සරසවියේ සිසුන් 300 දෙනෙකු සඳහා 'නායකත්ව පුහුණු' වැඩසටහනක් ඔක්තෝබර් 20 වන දින රුහුණු විශ්ව විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී.

3 (සෙව්) ගැමුණුහේවා බලඇණියේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 20 දෙනෙකු විසින් දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් වැඩසටහන මෙහෙයවා ඇත.

මෙම නායකත්ව වැඩමුළුව 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ සහ 613 පාබල බලසේනාවේ පුර්ණ අධීක්ෂණය යටතේ පවත්වන ලදී.