Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th September 2022 18:08:16 Hours

යුද්ධ හමුදා භටපිරිස් මගින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ සහ යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) මෙහයවිමෙන් 2022 සැප්තැම්බර් මස 01 වන දින සිට 2022 සැප්තැම්බර් මස 03 වන දින දක්වා කොළඹ,ගම්පහ,කෑගල්ල, කලුතර සහ ගාල්ල දිස්ත්‍රික් ආවරණය වන පරිදි සෞඛ්‍ය පරික්ෂකවරුන්, පොලිස් නිලධාරින් සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් මගින් සංවිධානය කරන ලද විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ආරමිභ කරන ලදි.

මෙම මදුරු මර්ධන වැඩසටහනෙහි ආරම්භක කරමින් 2022 සැප්තැම්බර් මස 01 වන දින සිට 2022 සැප්තැම්බර් මස 03 දක්වා දින 14 පාබල සේනාංක සහ 61 පාබල සේනාංකය බලප්‍රදේශයට අයත් කොළඔ, ගමිපහ, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි විශේෂ මදුරු මර්ධන වැඩසටහන ආරමිභවිය. මෙහිදි මෙම මදුරු මර්ධන වැඩසටහන සදහා භටපිරිස් 05 x 160 ක ප්‍රමාණයක් සහභාගි කරවන ලදි. එහිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 16 ක් ආවරණය කරමින් නිවාස, පොදු ස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන පරික්ෂාවට ලක්කර මදුරු මර්ධනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ උපදෙස් ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදිමට කටයුතු ලදි.